top of page

කෘෂි සංචාරක
ගොවිපල මගින් ඔබ හට සිත් ඇද ගන්නා සුළු සුවිශේෂි විවිධ ක්‍රියාකාරකම් වල යෙදීමේ හැකියාව සපයයි. කාබනික බෝග වගාවක් පිළිබද දැනුම මෙහි දී ලබා ගත හැක.බෝගවගා කිරීම්, සත්ව පාලන කටයුතු පිළිබද මනා අවබෝධයක් ද ඔබට ලබා ගත හැක.ඔබගේ කැමැත්ත අනුව එම ක්‍රියාවල නිරත වීමේ හැකියාව ද අප ආයතනය විසින් සපයනු ලබයි.මෙහිදි ඔබට ප්‍රධාන වශයෙන් අසවනු නෙලීම් , වගා නඩත්තු කිරීම් , පැළ සිටුවීම් , මල්වගා කිරීම් , ගෙවත්ත , මී මැසි පාලනය, බිම්මල් ආදී ඒකක රාශියක් යටතේ සුවිශේෂි අත්දැකිමක් ලබා ගැනීමට හැකියාව ඇත .ඔබ හට ආසන්නයේ ඇති ස්ථාන වලින් ස්නානය කිරීමට,වනාන්තර නැරඹීමට, ආගමික කටයුතු වල නිරත වීමට හැකියාව ඇත.ඔබ හට නිතැතින්ම ශ්‍රී ලංකාවෙහි ග්‍රාමීය ජිවිතය පිළිබද හොද අත්දැකීමක් ද ලබා ගත හැකිවනු ඇත.








bottom of page