top of page

ගල් බංගලාව සදහා සාදරයෙන් පිළිගනිමු

කෘෂි සංචාරකත්වයේ හොදම මාවත

ගල් බංගලාව

 

දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් පාලනය වන දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය මගින් ගල් බංගලාව සංචාරක නිකේතනය පාලනය කර ගෙන යනු ලබයි.ගාල්ල නගර යේ සිට 47km ක් දුරින් මෙම ස්ථානය පිහිටා ඇත.කෘෂිකාර්මික කටයුතු , සත්වපාලන කටයුතු ප්‍රධාන වශයෙන් මෙම ආයතනය මගින් සිදු කරනු ලබයි.

කාමර හා මිළ ගණන්

 

 

කාමර තුනකින් ගල් බංගලාව සමන්විත වේ.(පුද්ගලයින් අට දෙනෙකුට) ගල් බංගලාව මගින් ඔබ හට ආහාර පාන පහසු මිලට ලබා ගතහැකි අතර එම ආහාර ගොවිපලෙහි තිබෙන නැවුම්, කාබනික නිෂ්පාදන මගින්  සැකසු ආහාර වේ.

කෘෂි සංචාරක

 

 

ගොවිපල මගින් ඔබ හට සිත් ඇද ගන්නා සුළු සුවි‍ශේෂි විවිධ ක්‍රියාකාරකම් වල යෙදීමේ හැකියාව සපයයි.ඔබට ආයතනය තුලදි බෝග වගාවකිරිම්, අස්වනු නෙලීම්,සත්ව පාලන කටයුතු,ආහාර සකස් කිරීමේ කටයුතු වල නිරත වීමේ හැකියාව පවති.ඔබ හට ආසන්නයේ ඇති ස්ථාන වලින් ස්නානය කිරීමට,වනාන්තර නැරඹීමට, ආගමික කටයුතු වල නිරත වීමට හැකියාව ඇත.ඔබ හට නිතැතින්ම ශ්‍රී ලංකාවෙහි ග්‍රාමීය ජිවිතය පිළිබද හොද අත්දැකීමක් ද ලබා ගත හැකිවනු ඇත. 

Call us now to book
091-4943083          
Follow us
  • White Facebook Icon

© 2018 District Agriculture Training Center-Poddiwela

bottom of page